IP Address කියන්නේ,
IP Address එකක් කියන්නේ අප කුමන හෝ Network එකක් සකස් කිරීමේදී එම Network එකෙහි ඇති එක් එක් උපාංග (පරිගණක, ජාලාකරණ උපාංග.) වැනි දෑ එකින් එක හදුනා ගැනීමටත් එම එක් එක් උපකරණ එකින්එක සම්බන්ද කිරීමටත් මෙම IP Address බොහෝ සෙයින් වැදගත් වෙනව. අප Network එකක් සැළසුම් කිරීමේදී IP Address අපිට කැමති පරිදි එක් එක් උපකරණ සදහා Assign කිරීමට බැහැ. මේ සදහා පිළිගත් ක්‍රමවේදයක් තියනව. අප නිවරදිව Network එකක් සකස් කිරීමේදී එහි ඇති උපාංග ගනන, එම Network එකට සම්බන්ද කරන Network ගණන වැනි දෑ ගැන අපට ගොඩක් සැළකිලිමත් වෙන්න වෙනව.
අපි බලමු IP address පරිගනක ඡාලයකට asign කරන්නෙ කොහොමද කියලා. ඒ සදහා අපි පහත උදාහරනය බලමු.
උදාහරනය:-01
Host 120 ඇති Network එකක් සදහා IP address range හොයමු.
ඒ සදහා අපි මුලින්ම subnetworks එක හොයා ගත යුතුයි(මතකනෙ subnetworks එක මතක නැත්නම් කලින් post එක බලන්න.).
Subnet mask එක සෙවීම :
සෑම Network එකකටම Broadcast ID හා Network ID ක් තියෙනවා අපි Network එකක IP address range එක හොයනකොට අපිට අවශ්‍ය Host
ගනනට මේ දෙක එකතු කල යුතුයි. එම නිසා මුලින්ම දී ඇති Host ප්‍රමානයට 2ක් එකතු කල යුතුයි.
120+2=122 හරි දැන් අපට අවශ්‍ය IP address ගණන 122 වෙනව. දැන් කරන්න තියෙන්නෙ 122 අයත් වන දෙකේ බලය
හොයා ගන්න එකයි.
2X2x2x2x2x2x2 = 128
හරි දැන් දෙකේ ඉලක්කන් ගනනට සමානව බිංදු දාන්න(මතකනෙ කලින් post එකේ Host bit වලට අපි බිංදු දැම්මා) දෙකේ හතට බිංදු 7යි 0000000. ඊට පස්සෙ bits
අටේ ඛාන්ඩ හැදෙන විදිහට එකේ ඒවගෙන් බිංදු ටික පහත විදිහට සම්පූර්න කරන්න.
| 1111111 | .11111111 | .11111111 | .10000000 | |
| 255 | 255 | 255 | 128 | දැන් ඩෙසිමල් කරන්න. |
මුලින්ම Class C හි Default subnet mask එකත් එක්ක අපේ Subnet mask එක ලියා ගන්න.

දැන් subnetworks ගනන සෙවීමට class C subnet mask එකේ වෙනස් වන කොටසේ (දෙකේ පාදයෙන් ලියපු) net bit ගනනේ දෙකේ බලය ගන්න. එනම් subnetworks ගනන ,
=2n(n=net bit ගනන)
=21
=2
මේ නිසා IP address range එකෙන් අපට subnetworks 2ක් සාදා ගත හැක. දැන් subnetworks එකේ Valid IP address Ranges(Subnet එකක IP address පරාසය) සොයමු.
Valid IP address Ranges(Subnet එකක IP address පරාසය):
මෙහිදී කරන්නේ Host bit සංඛ්‍යාවෙහි දෙකේ බලය ලබා ගැනීමයි.
27=128 (class B IP address සදහා මෙම ක්‍රමය භාවිතා කරන්න බැහැ ඒ සදහා පහත ක්‍රමය භාවිතා කල හැක)
නැත්තම් 256 කියන සංඛ්‍යාවෙන් අපේ වෙනස් වන subnet mask අගය අඩු කරන්න.
256-128=128
එමනිසා 1st valid IP range එක
1→128
උදාහරනය:-02
Host 4000ක් ඇති ඡාලයක් සදහා
i. Subnet mask
ii. Number of subnetworks (subnet ගණන)
iii. Valid IP address Ranges
සොයන්න.
පිළිතුරු:
i. Subnet mask එක සෙවීම.
Host 4000 කියන්නෙ අපට භාවිතා කල හැකි IP address ප්‍රමාණයයි. සෑම network එකක් සදහාම Broadcast ID හා Network ID ක් තියෙන නිසා
මේකට තව 2ක් එකතු කරන්න ඕන එතකොට අපට අවශ්‍ය IP address ගණන 4002ක් වෙනවා. දැන් 4002 අයත් වෙන 2කේ බලය සොයන්න.
2x2x2x2x2x2x2x2x2x2x2x2=4096
දැන් කරන්න ඕන දෙකේ සංඛ්‍යා ප්‍රමාණයට බින්ද්ර (0) දමීම. ( 0 දාන් නේ අපි හොයා ගත්තේ Host bits නිසයි.)
0000.00000000 [ දෙකේ ඒව 12 ට බින්දු දොළහයි]
ඊට පස්සෙ bits අටේ ඛාණ්ඩ හැදෙන්න ඉතිරි ඒවට 1කේ ඒවා පුරවන්න.
| 1111111 | .11111111 | .11110000 | .10000000 | |
| 255 | 255 | 240 | 0 | දැන් ඩෙසිමල් කරන්න. |
අපිට ඇවිල්ලා තියෙන Subnet mask එක class B Subnet mask එකක්.

දැන් subnetworks ගනන වන්නේ network bit ගනනෙහි 2කේ බලයයි.
මතකනෙ Class C වල Valid IP address Range හොයෙන්න කියල දුන්න දෙවන ක්‍රමය. අන්න ඒ ක්‍රමය තමයි මෙතනදි භාවිතා කරන්නෙ. ඒ තමයි 256 කියන සංඛ්‍යාවෙන් අපේ වෙනස් වන subnet mask අගය අඩු කරීමයි.
256 – 240 = 16
හරි දැන් 16 ගුණාකාරයන් ටික අරගෙන IP Address පරාසයන් ටික සොයමු.
| 1st Valid ip range එක | 0 | |
| 16 | ||
| 32 | ||
| 48 | ||
| 64 | ||
| 80 | ||
| 96 | ||
| 112 | Host 16 network ටික(16 වරක් චක්කරේ) | |
| 128 | ||
| 144 | ||
| 160 | ||
| 176 | ||
| 192 | ||
| 208 | ||
| 224 | ||
| 240 |
උදාහරනය-:03
Class B network එකක,
ip address එක172.20.0.1
subnet mask එක 255.255.252.0
පහත සදහන් ඒවා ගනනය කරන්න,
i. Number of subnetworks (subnet ගණන)
ii. Number of host per network (subnet එකකට දැමිය හැකි පරිගණක ගණන [පරිගණක ගණන = භාවිතා කලහැකි IP address ගණන)
iii.Valid IP address Ranges(Subnet එකක IP address පරාසය)
iv. First IP address range එකෙහි Network address(subnet address) එක.
v. First IP range හි 1st IP address එක(පළමු IP range එකේ පළමු භාවිතා කල හැකි IP address එක)
vi.First IP range හි last IP address එක(පළමු IP range එකේ අවසාන භාවිතා කලහැකි IP address එක)
vii. First IP address range එකෙහි Broadcast IP address එක.
පිළිතුරු-:
i. Number of subnetworks (subnet ගණන)

Number of Subnetwork ගණන වන්නේ Network Bits සංඛ්‍යාවේ 2 කේ බලයයි.
=2Network bit සංඛ්‍යාව
=26
=64
ii. Number of host per network (subnet එකකට දැමිය හැකි
පරිගණක ගණන [පරගණක ගණන = භාවිතා කලහැකි IP address ගණන])
මතකනෙ Host bits සංඛ්‍යාවෙහි 2 කේ බලයෙන් 2ක් අඩු කලවිට
ලැබෙන අගයයි. දෙකක් අඩු කරන්නේ Network address එක හා
Broadcast address යන 2 ක පරිගණක සදහා භාවිතා කල
නොහැකි IP address 2ක් වන නිසාය.
එනම්
=2Host bits සංඛ්‍යාව-2
=210-2
=1022 Host
iii. Valid IP address Ranges(Subnet එකක IP address පරාසය)
මතකනෙ Class C වල Valid IP address Range හොයනේන
කියල දුන්න දෙවන ක්‍රමය. අන්න ඒ ක්‍රමය තමයි මෙතනදි
භාවිතා කරන්නෙ. ඒ තමයි 256 කියන සංඛ්‍යාවෙන් අපේ වෙනස්
වන subnet mask අගය අඩු කරීමයි. පහල තියෙනව වගේ
256 – 252 = 4
හරි දැන් හතරෙ ගුණාකාරයන් ටික අරගෙන IP Address
පරාසයන් ටික හොයමු.

ඒ අනුව මෙහිදී valid IP range එක වන්නේ අපට ලබා දී ඇති IP
address එක ( 172.20.0.1) අයත් වන පරාසයයි.
ඒ කියන්නේ 0 – 4 අතර පරාසයයි. එම නිසා valid IP range එක
වන්නේ
172.20.0.0 – 172.20.3.255 දක්වා පරාසයයි.
(මතක තියාගන්න අපි මේ හොයන්නේ Class B IP address
පරාසයයි. එතකොට එතනදී IP address පරාසයේ වෙනස්වීම
දක්වන්නේ IP address එකේ තුන්වන bit කාණ්ඩයටයි.255 තමයි
එක් 8 bit කාණ්ඩයක් ඉවර වෙන්නේ. ඒකයි අවසානෙට 255 දාලා
තියෙන්නේ).
iv. First IP address range එකෙහි Network address(subnet address/
Network ID) එක.
172.20.0.0
Valid IP range එකේ පළමු IP address එක මෙයට පිළිතුර
වේ.(මෙම IP address එක ජාලයේ ඇති පරිගණක සදහා
භාවිතා කල නොහැක. මෙයින් අපට අපගේ IP range එක
හදුනා ගත හැක)
v. First IP range හා 1st IP address (පළමු IP range එකේ පළමු
භාවිතා කලහැකි IP address එක)
පළමු IP address එක වෙන්නේ Network address එක
එහෙමත් නැත්තම් Network ID එකනෙ.( මතකනේ ඒක
පරිගණක සදහා භාවිතා කරන්න බැහැ කියල.) එහෙනම්
Network ID එකේ අවසානෙට 1ක් එකතු කරපුවාම එන IP
address එක තමයි මෙකට පිළිතුර වෙන්නේ.
= 172.20.0.0 + 1
= 172.20.0.1
vi. First IP range හා last IP address (පළමු IP range එකේ අවසාන
භාවිතා කලහැකි IP address එක)
Valid IP range එකේ අවසාන IP address එකෙන් 1 ක් අඩු
කළ විට ලැබෙන IP address එකයි මේකට පිළිතුර.
= 172.20.3.255 - 1
=172.20.3.254
vii. First IP address range එකෙහි Broadcast IP address එක.
Broadcast IP address එකත් අපිට ජාලයේ තියෙන
පරිගණක සදහා භාවිතා කරන්න බැහැ. යම් IP range
එකක Broadcast IP එක වෙන්නේ ඒ range එකේ තියෙන
අවසාන IP address එකයි. (දැන් ඔයාලට තේරෙනව ඇති
ඉහත Last IP address එක හොයන්න ඇයි අවසන්
IP address එකෙන් 1ක් අඩු කලේ කියල)
පිළිතුර = 172.20.3.255
- Namal Priyadarshana.