HTML භාෂාව 1989 දී ශ්‍රීමත් ටිම් බර්නස් ලී සහ රොබට් කැලියු යන දෙදෙනා විසින් වෙන වෙනම ස්වාධීනව නිර්මානය කලේය. ඒ වන විට URL ක්‍රමය මෙන්ම HTTP ප්රොටෝකෝලයද(protocol) නිර්මාණය කර සිටි ටිම් බර්නස් විසින් HTML භාෂාව තව දුරටත් වැඩි දියුණු කරනු ලැබීය. නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම භාෂාව මගින් වෙබ් අඩවි සෑදීම සදහා විශේෂිත වූ මෘදුකාංග අවශ්‍ය නොවීමයි. පරිගනකයේ ඇති Notepad,Notepad++ වැනි මෘදුකාංග මේ වැඩේට ප්‍රමානවත් වේ. Notepad++ මෘදුකාංගය අවශ්‍ය නම් මෙතනින් බාගන්න
HTML හි විවිධ කේත තවම නිර්මිණය කරන්නේ World Wide Web නිර්මාර්තෘ වන ශ්‍රීමත් ටිම් බර්නස් ලී නායකත්වය දරන වර්ල්ඩ් වයිඩ් වෙබ් කොන්සෝටියම් (World Wide Web Consortium) හෙවත් W3C ආයතනය විසිනි.එමගින් දැනට ඉදිරිපත් කර ඇති අළුත්ම කේත සමූහය හෙවත් ප්‍රමිතිය හදුන්වන්නේ HTML 5.0 යනුවෙනි.
පලමුව පරිගනකයේ All program→Accerssories→Notepad යන්න. Notepad එක විවෘත කර ගන්න HTML වල අලුත්ම සංස්කරනය HTML5 නිසා අපි HTML5 වලින්ම වැඩේ පටන් ගමු. HTML5 මූලික ආකෘතිය පහත දැක්වේ.
<html>
<head>
<meta charset="UTF8">
<title>Document title</title>
</head>
<body>
My first HTML App.
</body>
</html>
හා ඔය ගොල්ලන්ට කියන්න බැරි උනානෙ HTML කියන්නෙ Case senstitive භාෂාවක් නෙමෙයි . ලොකූ ලෙකූ වචන දැම්මට බය වෙන්න එපා ඔය Case senstitive කියන්නෙ කෙටියෙන්ම කියන්නම්කො HTML ටැග් වල අකූරු සිම්පල් උනත් කැපිටල් උනත් කමක් නැහැ.
මතක තියා ගන්න ඕන වැදගත්ම දේ තමයි ටැග් එකක් විවෘර්ත කලොත් අනිවාර්යයෙන්ම ඒ ටැග් එක අවසාන කල යුතූයි. ආරම්භ කල විදිහටම අවසානත් කල යුතූයි.
මෙහි charset="UTF8" යනු යුනිකෝඩ් අංකයයි. බ්‍රව්සර් එකෙහි ටැබ් එකෙහි අපට පෙනෙන නම ලියනුයේ <title> ටැග් එක තූලයි.<body> ටැග් එක තූල ලියනුයේ අපට වෙබ් පිටුවක පෙනෙන්නට තිබෙන එකී මෙකී නොකී සියඵම දෑයි.
File එක සේව් කරන ව්ට වෙබ් පිටුවේ නම ලබා දී අවසානයේ .html
ලෙස ලබා දිය යුතූය.
Recommended:
හොදයි හැමෝටම සුබ දවසක් ඊලග පාඩමෙන් අපි යලිත් හමුවෙමු.
ඉතා සරලව ආරම්භ කල HTML පාඩම් මාලාවේ දෙවන කොටසට මෙතනින් පිවිසෙන්න.
- Namal Priyadarshana.