CSS සරලව ඉගෙනිමු

පාඩම 01

CSS කියන්නේ Cascading Style Sheets කියන වචන 3නේ මුල් අකුරුනෙ. CSS මඟින් HTML අංගයන් තිරය, කඩදාසි හෝ වෙනත් මාධ්‍ය වල පෙන්විය යුතු අන්දම විස්තර කරයි.ඒ කියන්නේ වෙබ් පිටුවක පෙනුම වැඩි දියුණු කිරීමට භාවිතා කරන උපදේශයන්(ටැග්) විවිධ ස්ථානයන්හි අඩංගු නොකර එකම ස්ථානයක අඩංගු කර වෙබ් අඩවියේ සෑම පිටුවකටම සම්බන්ධ කිරීමට CSS මගින් පුළුවනි. CSS වැඩ ගොඩක් කරයි. එකවරම වෙබ් අඩවිවල සැළැස්ම පාලනය කළ හැකිය වර්ණ සැකසීම,font size එක වෙනස් කිරීමට,පිංතූර අලංකරණය,වෙබ් අඩවියට සඡීවීකරණයක් ලබා දීම වැනි විවිධ කාර්ය්‍යන් සිදු කර ගත හැක.

CSS භාවිතා කල හැකි ක්‍රම 03කි‍

  1. බාහිර(External style sheet)
  2. අභ්‍යන්තර(Internal style sheet)
  3. පේලිය තුළම(Inline style)

මෙන්න අපි එක් HTML පිටුවක් පෙන්වන වෙනස් ආකාර හතරකින් ප්‍රදර්ශනය කරමු. විවිධාකාර ස්වරුපය බැලීම සඳහා "ස්ටයිල් ෂීට් 1", "ස්ටයිල්ෂීට් 2", "ස්ටයිල් ෂීට් 3", "ස්ටයිල්ස් ෂීට් 4" පැනල ක්ලික් කරන්න:

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam, quis nostrud exercitation ullamco laboris nisi ut aliquip ex ea commodo consequat.

HTML වල අඩංගු වන්නේ වෙබ් පිටුවක සැකැස්මට අදාල කේත පමණි .font සහ color අඩංගු උපදේශන HTML වලට ඇතුලත් කිරීමේදී නිර්මාණ කරුවන්ට එය මහත් අසීරු කටයුත්තක් විය ඊට හේතුව font සහ color අඩංගු උපදේශන විශාල සංඛ්‍යාවක් වීමය. සෑම වෙබ් පිටුවකටම වෙන වෙනම උපදේශන අඩංගු කල යුතු වියග මේ නිසා වෙබ් අඩවිය විශාල වීම, වැඩි කාලයක් වැය වීම, අධික මුදලක් වැය වීම ආදී ගැටළු වලට මුහුණ දීමට සිදු විය. මෙම ගැටළුව විසදීමට වර්ල්ඩ් වයිඩ් කොන්සෝඩියම්(W3C) ආයතනය විසින් font සහ color අඩංගු උපදේශන HTML වලින් ඉවත් කර වෙනමම Style format එකක් ලෙස CSS නිර්මාණය කලේය.

Recommended:

අද ඉදන් CSS ගැන ඉගෙන ගන්න ඕගොල්ලන්ට අපි අළුත් පාඩම් මාලාවක් පටන් ගන්නවා . CSS ගැන ඉගෙන ගන්න අපි තවත් පාඩමකින් හමු වෙමු. අපගේ මීලග පාඩම නැරබීමට මෙතනින් යන්න.

- Namal Priyadarshana.