Basic Component of the Network.
අපි Network එකක් නිර්මානය කිරීමේදී ඒකෙ මුලික අරමුන වෙන්නෙComputer2 ක් හෝ ඊට වැඩි ගනණක් එකිනෙකට තොරතුරු (data) හුවමාරු කරගතහැකිවන පරිදි සැකසීමයි. ඒකට අපට ඕනවෙන උපාංග හා සාධකයන් තමයි අපි Basic Component of the Network කියල හදුන්වන්නෙ. අපි බලමු ඒව එකින්එක මොනවද කියල.
Transmission Media
Transmission media:Transmission media කියල මෙතන කියන්නෙ Network එක තුල ඇතිComputer එකින් එකට සම්බන්ධ කරන්න ගන්න ප්‍රධානම දේ කියල කියල කියන්න පුළුවන්. Transmission media ප්‍රධාන වශයෙන් කොටස් 2කකට බෙදන්න පුළුවන්.Transmission media | |
---|---|
Guided media(cable) | Unguided media(wireless) |
Coaxial Cable | Wifi |
UTP Cable | Microwave |
Fiber Optics | Wimax |
Coaxial cable
පරිවාරක මගින් ආවරිත තඔ කම්බියක් මධ්‍ය අක්ෂය ලෙස පිහිටන අතර ඊට පිටින් තවත් ලෝහමය ආරක්ෂකාවරණයක් (metal shield) පිහිටා ඇ
ත. මේවා බහුල වශයෙන් රැහැන දුරකථන පද්ධති, රාජකාරි ගොඞනැගිලි සහ LAN පද්ධතීන්හි යොඳා ගනී. මෙම රැහැන්, තඹ සහ ඇලුමිනියම් වලින් තනා ඇති අතර
පරිවාරක මාධ්‍යයකින් පරිවරණය කර ඇත. පසුව එය සන්නායක ස්තරයකින් ආවෘත කර ඇත. මෙලෙස ස්තර යෙදීමේ අරමුණ නිරෝධනය සහ අපරූපනය අවම කිරිමයි. ස
ම්ප්‍රේෂණ වේගය තත්පරයට බිට් මිලියන 200 සිට 500 ඳක්වා පරාසයක පැතිර පවති.
Fiber optics
ෆයිබර් ඔප්ටිකල් කේබලයක් තුල ආලෝකය ගමන් කිරීමට හැකි ඉතා සියුම් ෆයිබර් තන්තු සිය ගණනක් ඇත. මෙම රැහැන් ඉතා සිහින් ආරක්ෂක ස්තරයකින් ආවරණය කරන ලඳ වීඳුරු සූත්‍රිකා වලින් ස
මන්විත වේ. මෙමගින් ආලෝකය ඉතා දිගු දුරකට, ඉහළ කලාප පළලකින් සම්ප්‍රේෂණය කිරිමට හැකියාව පවති. මෙම දෘෂ්ටික තන්තු විද්‍යුත් චුම්භක විකිරණ මගින් විකෘත නොවීම මෙහි ඇති විශේ
ෂ ලක්ෂණයයි. සම්ප්‍රේෂණ වේගය තත්පරයට ට්‍රිලියනයකට වඞා ඉහළ අගයක් ගනී. එනම් දෘෂ්ටික තන්තු සමක්ෂක විඳුලි රැහැන් වලට වඞා 100 ගුණයකින්ද සමාවෘත රැහැන් යුගල
වලට වඞා 1000 ගුණයකින්ද වේගවත් වේ.
විවිධCable වර්ග කිහිපයක්.
10 Base 2: මේක Coaxial Cable එකක්. Thinnetකියලත් මේකට කියනව මේ Cable එකෙන් උපරිම වශයෙන් 185m දුරට data ගෙනියන්න පුළුවන්.ඒ වගේම උපරිමdata ගෙනයාමෙ වේගය වෙන්නෙ 10Mbit/s. Coaxial Cable එක හරහා Network කිරීමේදී එමCable එක බෙදන්න ගන්න connector එකට BNC T-connector කියල කියනව. ඒ වගේම මේ Cable හරහා කරන්න පුළුවන් Half-duplex communication එකක් .10 Base 5: මේකත් Coaxial Cable එකක්ම තමයි. මේකට thicknet කියලත් කියනව. මේ Cableඑකෙත් data ගෙනයාමෙ වේගය වෙන්නෙ 10Mbit/s.ඒ උනාට මේ Cable එකහරහා 500m දුරටdata transmit කරන්න පුළුවන්.
10 Base T: මේ Cable (10 base T,100 Base TX,1000 Base T) තමයි
සාමාන්‍යයෙන් Networkවලට යොදා ගන්නෙ. Twisted Pair Ethernet කියලත් මේකට
කියනව.ඒ වගේම මේ Cable එකFull-duplex Communication වලට වගේම Half-dumplex Communication
වලටත් යොදාගන්න පුළුවන්.මේ Cable එක හරහා 100m දුරට data ගෙනියන්න පුළුවන්. 10Mbit/s තමයි මේ
cable එකේ Data transmission speed එක.
100 Base TX: මේකට Fast Ethernet කියලත් කියනව. මේ Cable එකත් 10 Base T එකත් අතර තියන වෙනස තමයි මේ Cable එකේ Data transmission speed එක 100Mbit/s වීම.
1000 Base T: මේකට Gigabit Ethernet කියල කියනව.මේකෙ Data transmission speed එක1000Mbit/s (1 Gigabit per second) වෙනව.
Connectors (සම්බන්ධක)
CCNA වලට RJ45 connector (UTP/STP cable තමයි මේකට connect කරන්නෙ.) එක ගැන දැනගෙන හිටියනම් ඇති කියලයි මටනම් හිතෙන්නෙ.connector ගැන විතරක්ම නෙමෙයි ඒකට Cable ගහන (ගහනව කිව්වෙ wiring කරනව කියන එකට) හැටිත් දැනගන්න ඕන. RJ45 connector එකට pin 8 ක් තියෙනව.පහත පිංතූරය බලන්නකෝ.RJ45 connector එකට UTP/STP cable(දන්නවනේ මේ cable එක ඇතුලෙත් පොඩි වයර් 8ක් තිවයනව කියල) එකේ තියන වයර් සම්බන්ධ (wiring) කරන්නෙ අපි අපේ Network එකේ එකිනෙකට සමිබන්ධ කරන devices අනුවයි.දැන් අපිබලමු devices මොනවදයි ඒවට ගන්න cable මොනවදයි කියල.Network එකක devices ප්‍රධාන වශයෙන් කොටස් 2ක් තියනව.
Network Device | |
Mack device eg-: |
Non-mac device eg-: |
ඔය Router, Switch, Bridge, Hub ගැන දැන්මම හිතන්න යන්න එපා. ඒවා ගැන පස්සේ බලමු. මේ එක එක devices එකින් එක සම්බන්ධ කරන්න ගන්න UTP/STP
cable එක RJ45 connector එකට කොහොමද සම්බන්ද කරන්නෙ කියල බලමු.
01.Straight Cable: වෙනස් වෙනස් devices එකින් එක සම්බන්ධ කරන්න තමයි මේ Cable එක පාවිච්චි කරන්නෙ. ඒ කියන්නෙ Mac devices Non Mac
devices වලට connect කරන්න.
Straight cable
දැන් බලමු RJ45 connector එකේ pinවලට UTP cable එක ඇතුලෙ තියෙන පොඩි වයර් set කරන හැටි.ඔය උඩ තියෙන පොඩි වයර් මේ රූපෙ විදියට cable එකේ කෙළවරවල් 2ට RJ45 connector දාල crimp tool එකෙන් crimp (තද කරනව) කරගන්නව.
02.Crossover Cable:එකම ජාතියෙ devices එකින් එක සම්බන්ධ කරන්න තමයි මේ Cable එක පාවිච්චි කරන්නෙ. ඒ කියන්නෙ Mac devices
Mac devices වලටත් Non Mac Devices Non Mac Devices වලටත් connect කරන්න.
Crossover Cable
3.Rollover Cable: මේCable එකට Null Modem Cable කියලත් කියනව.මේ විදියට හදාගත්තු Cable එකක් අපි පාවිච්චි කරන්නෙ Router එකේ Console port
එකයි අපේ computer එකේ serial port (com port) එකයි සම්බන්ධකරන්න. එහෙම connect කරගන්නෙ Router එකේ configuration වැඩ වලටයි.
ඒ කියන්නෙ Router එක අපිට ඕන විදියට හැඩගස්සවාගන්න. කෙටියෙන් සිංහලෙන් කියනවනම් Setting කරන්න.පහත විදියට තමයි Rollover Cable එක RJ45 connector
එකට set කරගන්නෙ.
වැදගත්: අපි කතාකරපු Cable පාවිච්චි කරන්නෙ Switch,Router,Hub හා Normal PC එකින් එක standard විදියට connect කරන්න.
NIC (Network Interface Card)
මේක ඉතින් මොකක්ද කියල කව්රුත් දන්නවනෙ. අර computer එකේ තියෙන network cable එක ගහන port එක තියෙන එකට තමයි මේ NIC කියන්නෙ. සමහර computer වල on board NIC තිනයනව සමහර ඒවගෙ separate තියෙනව (ඕව ඉතින් කියන්නත් ඕනද නේද) ඒ වගේම තමයි එක එක connectors වලට ගන්න NIC ත් වෙනස් වෙනව. ඒ කිව්වෙ RJ45 connector එකට ගන්න NIC එක නෙමෙයි Fiber optic connect කරන්න ගන්නෙ.වැදගත්ම දේ තමයි හැම NIC එකකටම එකිනෙකට වෙනස් (unique) MAC address එකක් තියෙනව.( MAC එක ගැන පස්සෙ බලමු)
- Namal Priyadarshana.