Click the bellow acordian

HTML මුල සිට සරලව ඉගෙනිමු

හය වන පාඩම 06

අපි පලමු පාඩම් මාලාවෙන් HTML මූලික කරුණු බොහොමයක් ඉදිරිපත් කලානෙ.අපගේ පස්වන පාඩම නොබලපු අයට මෙතනින් ගිහින් බලන්න පුඵවන්. මෙම පාඩම තූලින් තවත් වැඩි දුරට HTML ඉගෙනිමු.

27.අකුරු වලට වර්ණ භාවිතා කිරීම.

අකුරු වලට වර්ණ භාවිතා කිරීමේදී අදාල වර්ණ යෙදිය යුත්තේ එම අකුරු යොදන පේලිය තුලමය. පහත උදාහරණය බලන්න.

Namal Priyadarshana

Result:

Namal Priyadarshana

මෙහිදී color එකට ලබා දී ඇත්තේ hexa decimal අගයකි.

28.අකුරු ස්මතුකර (Hilight) පෙන්වීම.

namal Priyadarshana

Result:

namal Priyadarshana

මේ සදහා භාවිතා කර ඇත්තේ span ටැග් එකයි. මෙහිදීද color එකට ලබා දී ඇත්තේ hexa decimal අගයකි

29.Font file එකක් භාගත කිරීම(Dounload)

Font file එකක් හෝ වෙනත් ඕනෑම file එකක් භාගත කිරීමට ලින්ක් පහත පරිදි ලබා දිය හැත.
Dounload1
Dounload2

Result:

මෙහි Dounload වෙනුවට තමන් කැමති නමක් ලබා දිය හැක. මෙම ලින්ක් එක ක්ලික් කල විට පරිගනකයේ තැන්පත් කිරීම සදහා වන Dialog box එක ව්වෘත වේ එවිට සිමින්‍ය ආකාරයට ඩවුන්ලෝඩ් කර ගත හැක.

30.වෙබ් පිටුවක් අළුත් ව්න්ඩෝ එකකින් විවෘත කිරීම.

වෙබ් පිටුව තුල වෙනත් පිටුවක හෝ වෙනත් වෙබ් අඩවියක හෝ ලින්ක් එකක් ලබා දුන් විට , ලින්ක් එක මත ක්ලික් කල විට එය ව්වෘත වන්නේ එම ව්න්ඩෝ එක තුලමය. මේ ආකාරයට නැතුව එය වෙනත් වින්ඩෝ එකක විවෘත වීම සිදු කල හැක පහත උදාහරනණය බලන්න.

Namal Priyadarshana

Result:

මෙහි ඇති target="_blank" යන්න මගින් බ්‍රව්සර් එකෙහි අළුත් වින්ඩෝ එක විවෘත වේ. එය ඒ ආකාරයෙන්ම යෙදිය යුතුය. සමහර නව පරිශීලකයින් බ්‍රව්සරය තුළ එම වින්ඩෝ එකේම ලින්ක් විවෘත කිරීමට අකැමතිය . බොහෝ පරිශීලකයින් නව ටැබයක ඇති ලින්ක් විවෘත කිරීම සඳහා කැමතිය ඔවුන්ගේ වත්මන් පිරික්සුම් එසේ තිබියදීම පසුකාලීනව කියවීමට එමගින් ඉඩ සලසයි.

31.වෙබ් පිටුවක හරස් රේඛා නිර්මාණය

Symbol:

වෙබ් පිටුව තුල ඇති විවිධ කොටස් වෙන් කර දැක්වීමට හරස් රේඛා ඇදිය හැක.

Result:

ඉහත
ටැග් එකෙහි size හා width හා color යොදන හැටි දක්වා තිබේ.

32.HTML Form.

වෙබ් පිටුවක form එකක් යොදා ගන්නේ දත්ත data base එකකට යොමු කිරීමටයි. form ටැග් එකට අදාල වන ටැග් වර්ග කිහිපයක් ඇත.

Recommended:

ඔය ගොල්ලො හැමෝටම සුභ දවසක් අපගේ මීලග පාඩම නැරබීමට මෙතනින් යන්න.

- Namal Priyadarshana.