Click the bellow acordian    


Network

Address

addresses අපි network එකක පාවිච්චි කරනනෙ unique ව(වෙන්කරල) devices අදුනගන්නයි. හරියට අපි ඉන්න තැන අනිත් අයගෙන් වෙන්කරල අදුනගන්න අපිට ලිපිනයක් තියනව වගෙයි.
address වර්ග 2ක් Network තුල පාවිච්චි කරනව.
    01.MAC Address: (Media Access Controller)
    02.IP Address

MAC Address: (Media Access Controller)

මේක තමයි අපේ NIC එකේ තියෙන්නෙ.මේ Address එක assign කරන්නෙ NIC එක හදන company එකෙන්මයි.ඒ හින්ද මේ Address එක අපිට වෙනස් කරන්න බෑ (බෑ කිව්වට කරන්නත් පුළුවන් මොනවද දැන් කරන්න බැරි.ඒත් ඉතින් එහෙම කරන එක හරිනෑනෙ නේද) මේ addresses එක හැදිල තියෙන්නෙ hexadecimal වලින් ඒ කිව්වෙ 16 පාදයෙන්.

උදා: 0123.14b2.acb6

IP Address

IP Address එකක් කියන්නේ අප කුමන හෝ Network එකක් සකස් කිරීමේදී එම Network එකෙහි ඇතිඑක් එක් උපාංග (පරිගණක, ජාලාකරණ උපාංග) වැනි දෑ එකින් එක හදුනා ගැනීමටත් එම එක් එක් උපකරණ එකින්එක සම්බන්ද කිරීමටත් මෙම IP Address බොහෝ සෙයින් වැදගත් වෙනව.

අප Network එකක් සැළසුම් කිරීසුම් කිරීමේදී IP Address අපිට කැමති පරිදි එක් එක් උපකරණ සදහා Assign කිරීමට බැහැ. ‍මේ සදහා පිළිගත් ක්‍රමවේදයක් තියනව . අප නිවරදිව Network එකක් සකස් කිරීමේදී එහි ඇති උපාංග ගනන, එම Network එකට සම්බන්ද කරන Network ගණන වැනි දෑ ගැන අපට ගොඩක් සැළකිලිමත් වෙන්න වෙනව. ඔන්න ඔය වගේ දෙ‍යකට තමයි මුලිකවම IP Address එකක් කියන්නේ

IP Address හදුනාගනිමු

දැනට ලෝකයේ IP Address වර්ග 2ක් බාවිතා කරනව.
  • IPv4
  • IPv6
  • IPv4 තමයි දැනට ලෝකයේ වැඩියෙන්ම පාවිච්චි කරන IP Address වර්ගය. ඒ උනත් IPv6 වේග‍යෙන් ලොවපුරා ඇති Network සදහා යොදාගනිමින් පවතිනව.
    IPv4 Address එකක ප්‍රධාන කොටස් 2ක් තියනව.
      1.Network ID
      2.Host ID

    IPv4 Address එකක් හැදෙන්නෙ Bit32ක එකතුවකිනුයි. මොනවද මේ Bit කියන්නෙ.පහත උදාහරනය බලන්න. පහත අදුන්වල දෙන්නෙ IPv4 වර්ගයේ IP Address Network එකක් තුල යොදාගන්නා ආකාරයයි.ඊට කලින් අපි බලමු කොහොමද මේ IP Address එකක් හැදෙන්නෙ කියල
    Eg:-
    198.16.10.20→IPv4 Network adress එක
    ඉහත Network adress එක binary වලින් ලියපුවාම ලැබෙන්නේ මෙහෙමයි.
    11000000.10101000.00001010.00010100

    අප යම් සංඛ්‍යාවක් 2 පාදයෙන් ලිවීමේදී එහි ඇති 1 හා 0 අප Bit ලෙස හදුන්වනව. කොහොමද සංඛ්‍යාවක් 2 පාදයෙන් ලියන්නේ.... Network address එකක එක් ඉළක්කම් ඛාන්ඩයක් සදහා අපට යෙදිය හැකි උපරිම සංඛ්‍යාව වන්නේ 255 (27 )යි.

    20 = 1එකතුව 255 යි.
    21 = 2
    22 = 4
    23 = 8
    24 = 16
    25 = 32
    26 = 64
    27 = 128
    එනම් විශාලතම Network address වන්නේ 255.255.255.255 යි. දැන් මම ඔයාලට කියල දෙන්නම් කොහොමද සංඛ්‍යාවක් 2 පාදයට හරවන්නෙ කියල. අපි ඉහත උදාහරණයම ගමු.

    දැන් ඉතුරු සංඛයා ටික අවසානයේ සිට ඉහලට ලියන්න.. 11000000 මේ විදියට තමයි දහයේ පාදයේ සංඛයාවක් දෙකේ පාදයෙන් ලියා දක්වන්නෙ. network address එකක් දෙකේ පාදයෙන් ලිවීම තුලින් අපට network එකක් සැකසීමේදී එම network එකට අවශ්‍ය host (පරිගණක හෝ යම් යම් උපකරණ) හා network ගණනටම සරිලන network address පරාසය හදුනා ගැනීමට හැකිවෙනව.

    IP Address Classes

    අප භාවිතාකරන IP Address ජාත්‍යන්තර සම්මතයකට අනුව පංතීන් කිහිපයකට බෙදා ඇත.මෙම IP Address Classes නිර්මානය කිරීම සදහා පදනම්කරගෙන ඇත්තේ Network එකක විශාලත්වයයි. ඒ කියන්නේ කුඩා Network සදහා එක් පංතියක්ද, මධ්‍ය පරිමාන Network සදහා එක් පංතියක්ද, මහා පරිමාන Network සදහා එක් පංතියක්ද වශයෙනි. ඒ අනුව ප්‍රධාන වශයෙන් අපට IP Address Classes තුනක් දකින්න පුළුවන්.
    1. 01.  Class A: 1-126   →උදා -10.50.230.23
    2. 02.  Class B: 128-191   → උදා - 172.16.2.221
    3. 03.  Class C: 192-223    →උදා - 192.168.50.10
    IP Address එකක ඇති පළමු සංඛ්‍යා කාණ්ඩය මගින් අපට IP Address Classes එක හදුනාගන්න පුළුවන්..දැන් අපි බලමු එක් එක් IP Address Classes එකට ඇතුලත් කළහැකි Host ප්‍රමානය හා Network ප්‍රමානය. ඒක පැහැදිලිව තේරුම් ගන්න නම් මගේ කලින් පෝස්ට්එකේ තිබුනු Network ID හා Host ID කියන්නෙ මොකක්ද කියල පැහැදිලිව තේරුම් ගන්න ඕන.
    • Network ID: IP Address එකක Network ID මගින් එම IP එක assign කර ඇති Host එක කුමන Network එකට අයත් දැයි පෙන්වයි. එසේම Network එකකදී IP Address එකක Network ID එක නොවෙනස්ව පවතී.
    • Host ID: IP Address එකක Host ID එක ලෙස හදුන්වන්නේ Host එකකින් එකකට IP Address එකෙහි ‍වෙනස්වන කොටසයි. මෙය සැමවිටම එකම Network එකක් තුල එක් එක් Host එකට assign කරන IP එකෙහි වෙනස් විය යුතුයි.

    IP Address Class හි Network ID එක හා Host Id එක

    01.  Class A: Net. Host. Host. Host


    02.  Class B: Net. Net. Host. Host


    03.  Class C: Net. Net. Net. Host


    Default Mask හා (Subnet Mask) හි වැදගත්කම.

    IP Address Class එකක Network එකකට අයත්වන Host සංඛ්‍යාව(Number of host per Newtwork) හදුනාගැනීමට අපට Subnet mask එක ඉතා වැදගත් වෙනව. IP Address Classes වල Subnet Mask එක සෑදී ඇත්තේ එක් එක් IP Class වල Network ID එකට අඩංගු කරන්න පුළුවන් උපරිම 1 Bit වලිනුයි. ඒ කියන්නේ Network ID එක දෙකේ පාදයෙන් (Binary)වලින් ලියන්න පුළුවන් උපරිම සංඛ්‍ය‍ාවයි. IP Address එකක සංඛ්‍යා කාණ්ඩයක් හැදිල තියෙන්නෙ 27බලයෙනුයි . ඒ අනුව අපිට පහත ආකාරයට එක් එක් IP Address Classes වලSubnet Mask එක ලබාගන්න පුළුවන්.

    • Class A: Net. Host. Host. Host
    • Binary වලින්: 11111111. 00000000. 00000000.00000000
    • Subnet Mask එක: 255.0.0.0
    • Class B : Net. Net. Host. Host
    • Binary වලින්: 11111111. 11111111. 00000000.00000000
    • Subnet Mask එක: 255.255.0.0
    • Class C : Net. Net. Net. Host
    • Binary වලින්: 11111111. 11111111. 11111111.00000000
    • Subnet Mask එක: 255.255.255.0

    IP Address එකක් Host එකකට Assign කිරීමේදී අනිවාර්ෙයන්ම Subnet Mask එකද ඇතුලත් කළ යුතුයි.

    Network Bits, Host Bits කියන්නෙ මොනවද?

    එක් එක් IP Address Classes වල Subnet Mask වල තියනNetwork Bits, Host Bits මොනවද කියල අදුනගත්තට පස්සේ අපිට හරියටම එක් එක් IP Address Classes වලට දාන්න පුළුවන් Network ගණනයි Network එකකට දාන්න පුළුවන් Host ගණනයි හරියටම හොයාගන්න පුළුවන්. එක් එක් IP Address Classes වල Subnet Mask එක දෙකේ පාදයෙන් (Binary) විදියට ලියපුවාම ඒකෙ තියන 1 ඒවා Network Bits විදියටත් 0 වේ ඒවා Host Bits විදියටත් හදුන්වනව. Network Bits ගණනෙ 2කේ පාදය බලය එම Network Address එකේ Network ගණනත් Host Bits ගණනෙ 2කේ පාදය බල‍යෙන් 2ක් අඩුකලාම එම Network Address එකේ එක් Network එකකට අයත්වන Host ගණනත් පෙන්වනව. දැන් අපි බලමු එක් එක් IP Address Class වලට දාන්න පුළුවන් Network ගණනයි Network එකකට දාන්න පුළුවන් Host ගණනයි.

    මේ විදියට අපිට අනිත් IP Address Classes වලත් හොයන්න පුළුවන්.

    - Namal Priyadarshana.