Click the bellow acordian    


WELCOME TO e-LEARNING CENTER
Learn More Thing ...

e - L E A R N I N G

හොදම දේ දරුවන්ට

අප ඡීවත් වන සෑම තත්පරයක්ම විශ්වයේ අපූර්ව හා අසමසම නිර්මානයකි. එය නැවත නොපැමිනෙයි. එහෙත් දරුවන්ට මේ අපි උගන්වන්නේ මොනවද? දෙකයි, දෙකයි හතරයි ප්‍රංශයේ අගනුවර පැරීසියයි, යනාදී දේය. තමුන් කවුරුදැයි අප ඔවුන්ට උගන්වන්නේ කවදාද? ඔවුන්ට කියා දිය යුත්තේ ? ඔබ දන්නවාද ඔබ කවුරුන්ද කියා? ඔබ ආශ්චර්යමත්ය. ඔබ අසමසමය. පෙර කිසිකලක ඔබ වැන්නෙකු මිහිපිට නැත බලන්න , ඔබේ ශරීරය දෙස එය කොතරම් විශ්මය ඡනකද? ඔබේ දෙපා,දෑත්, ඇගිලි චලනය වන හැටි කොතරම් චමත්කාරද? ඔබට ශේක්ෂ්පියර් හෝ මයිකල් ඇන්ඡලෝ හෝ බිතෝවන් වැන්නකු විය හැකිය. ඔබ පතන ඕනෑම කෙනෙකු වීමට ඕනෑම දෙයක් කිරීමට ශක්තිය ඔබට ඇත. එසේම ඔබ අප එක්ව මේ ලෝකය එහි වසන දරුවන්ට වඩාත් සුදුසු තැනක් කිරීම සදහා වැඩ කල යුතුය.

- පැබ්ලෝ කසල්ස්.

සුමන මධ්‍ය මහා විද්‍යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබන මෙම e-LEARNING අන්තර්ඡාල අධ්‍යාපනික වැඩසටහන මගින් සුමන මහා විද්‍යාලයේ පමණක් නොව දැයේ සෑම දුවා දරුවෙකුටම ඉමහත් ඵල නෙලා ගැනීමට හැකි වනු ඇතැයි අපි ප්‍රාර්තනා කරන්නෙමු.මෙම වැඩසටහන් මාලාව මගින් 06 වසරේ සිට 13 වසර දක්වා ම සියළු විෂය කරුණු සාකඡ්චාවට බදුන් කිරීමට අප උත්සහා ගත්තෙමු. ඊට අමතරව නව ලොවට ගැලපෙන ලෙස අලුත් අලුත් විෂය කොටස් තව දුරටත් එකතු තිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.

නවීන ලෝකයට නවීන තාක්ෂණයට මුහුණ දීමට අප දරු දැරියන් සූදානම් කල යුතුය . ඒ සදහා ගත් උත්සහයක යම් ප්‍රථිළුලයක් ලෙසයි මෙය අප දකින්නේ. සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවෙන් මිදී නව ලොවට ගැලපෙන ලෙස තාක්ෂණය උපයෝගී කර ගෙන දැණුම සොයා යෑමට ශිෂ්‍යයින් යොමු කිරීම මෙහි ඒකායන අරමුණයි.